පෙර පාසල්/ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන් සඳහා රු. 250/- බැගින් මාසික දීමනා ගෙවීම
"ළමා දිරිය" පෙර පාසල් ගුරු දීමනාව ලබාදීම
- මෙම වැඩසටහන 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
- මසකට රු. 250/- බැගින් මාස 4ට වරක් ප්‍රතිලාභය හිමිවේ.
පහත සුදුසුකම් සපුරන පෙර පාසල් ගුරුවරියන් සඳහා මෙම ප්‍රතිලාභය හිමිවේ.
- අ.පො.ස. සා/පෙළ විභාගයෙන් මව්බස සහ ගණිතය සමත් වී ඕනෑම විෂයන් තුනකට සම්මාන සාමාර් ථසහිතව විභාගය සමත් වී තිබීම සහ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සම්බන්ධ ඩිප්ලෝමාවක් ලබා තිබීම.
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ පළාත් පාලන ආයතනයකින් පෙර පාසල් ගුරුවරියන් සඳහා ලබාදෙන දීමනාවක් නොලබන අයෙකු විය යුතුය.
- පෙර පාසල අදාල පළාත් සභා පෙර පාසල් ඒකකයේ / පළාත් දෙපාර්තමේන්තුවේ / අධිකාරියේ ලියාපදිංචි කර 2017-01-01 දිනට අවම වශයෙන් වසරක කාලයක් සපුරා තිබිය යුතු අතර පෙර පාසල මඟින් දරුවෙකුගෙන් අයකරගන්නා මාසික ගාස්තුව රු. 1500/- වැඩි නොවිය යුතුය.
- අදාල ගුරුවරියගේ වයස අවුරුදු 18-60 අතර විය යුතුය.
- 2017-01-01 දිනට පෙර පාසල් ගුරුවරියගේ අඛණ්ඩ සේවා කාලය අවම වශයෙන් වසර තුනක් විය යුතුය
- පෙර පාසල් ගුරුවරිය පුර්ණකාලීනව එම වෘත්තියේ යෙදෙන අයෙක් විය යුතුය.
මෙම ප්‍රතිලාභය ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය ;
- ඔබ පෙර පාසල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් මඟින් අයදුම්පත් ලබාගත යුතුය.
- සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍ර නැවත මුල්ළමාවිය සංවර්ධන නිලධාරී වෙතට භාරදිය යුතුය.
- මාස 4 කට වරක් ඔබගේ බැංකු ගිණුමට මුදල් බැරවී ඇති බව තහවුරු කරගන්න.
ප්‍රතිලාභය අහිමිවිය හැකි අවස්ථා;
- ගුරුවරිය එම වෘත්ති ඉවත්වීම මත
- වයස අවුරුදු 60 ඉක්මවා යාම.
පැමිණිලි ;
- ඔබ පෙර පාසල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හමුවන්න.
- වැඩි විස්තර සඳහා 011- 2187189 දුරකතන අංකය අමතා සහකාර අධ්‍යක්ෂ පී.බී.ඩබ්. සමීර ප්‍රසාද් මහතා අමතන්න.
Download the application pdf from here (Sinhala)
Download the application pdf from here (Tamil)