හැඳින්වීමදැක්ම ශාරීරික, මනෝ සමාජීය සහ ප්‍රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම. මෙහෙවර ජාතික මට්ටමේ කේන්ද්‍රීය ආයතනය ලෙස ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම, ඇගයීම හා පසු විපරම් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ සමස්ථ සංවර්ධනය සහතික කිරීම. අරමුණු
කාර්යභාරය ශාරිරික හා මානසික වශයෙන් නීරෝගී දරුවකු ඇති කරලීමේ අභිප්‍රායෙන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ප්‍රතිපත්ති හා වැඩසටහන් සම්පාදනය කිරීම, පළාත් මට්ටමේ කමිටු සමග සම්බන්ධීකරණය , සමායෝජනය සහ පසු විපරම් කිරිම. ඉතිහාසයළමා ලේකම් කාර්යාලය 1979 වසරේදී ජාත්‍යන්තර ළමා වර්ෂයට සමගාමීව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලදී. ළමා සංවර්ධන කටයුතු ඉලක්ක කර ගනිමින් ආරම්භ කරන ලද ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ පූර්ණ සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මුලික අරමුණ කර ගන්නා ලදී. 1993 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල රටේ කුඩා දරුවන් වෙනුවෙන් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලදී. 1993 වසරේදී මුල් ළමාවිය දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් දෙමාපිය සහ ප්‍රජාවගේ කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීම සදහා නිවස පදනම් කරගත් මුල් ළමා විය සංවර්ධන වැඩසටහන සැලසුම් කර සම්පාදනය කිරීම සහ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. 1993-1995 කාලය තුළ ශ්‍රි ලංකා පෙර පාසල් සදහා කතන්දර සහිත ක්‍රියාකාරකම් අත් පොත් හඳුන්වා දෙන දෙන ලදී. 1997 වසරේ දී ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලය තුළ පෙර පාසල් ළමයින් පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට ළමා ලේකම් කාර්යාලය දායක විය. 1998 වසරේදි පෙර පාසල් සඳහා අවම ප්‍රමිතීන් සම්පාදනය කිරීමත්, 1999-2000 වසරේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුව සම්පාදනය කරන ලද මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සදහා ඉගෙනුම් අත්දැකීම් හා උපදෙස් ග්‍රන්ථය පෙර පාසල්වලට හදුන්වා දීම ද සිදු විය. 2001 වසරේදී ළමා ලේකම් කාර්යාලය සමාජ සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ රැකවරණය, සංවර්ධනය හා සුබ සාධනය අරමුණු කර ගනිමින්, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කරන ලදී. 2004 වසරේදී මෙම ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ජාතික මට්ටමින් එළි දන්වන ලදී. ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වශයෙන් ළමා ලේකම් කාර්යාලයේ කාර්යභාරය වඩාත් පුළුල් වූ අතර, මුල් ළමාවිය සංවර්ධනයට අදාළ ප්‍රමිතීන් සකස් කිරීම, වැඩසටහන් සැළසුම් කිරීම, සහ ක්‍රියාත්මක කිරීම ඒ අතර ප්‍රමුඛතම කාර්යයන් විය. මුල් ළමාවිය ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සිදු කිරීම තිරස් හා සිරස් සම්බන්ධිකරණය ඇති කිරීම, යනාදි පුළුල් කාර්ය භාරයන් ක්‍රියාත්මක කිරීම වැනි දේ වේ. ඒ අනුව මේ දක්වා ළමා ලේකම් අධ්‍යක්ෂ ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හතර දෙනෙකුගෙන් සමන්විත වූ කාර්ය මණ්ඩලය ක්ෂේත්‍ර මට්ටම දක්වා පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණු බැවින් 2005 වසරේදී උපාධිධාරීන් 100ක් මුල් ළමාවිය සංවර්ධන සහකාර නමින් බඳවා ගන්නා ලදී. ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මට්ටමේ සේවාවන් තවත් සඵලදායී කිරීමේ අරමුණින් නැවතත් 2009 වර්ෂයේ දී නිලධාරීන් 23ක් බදවා ගනු ලැබිණි.
|