මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන / පෙර පාසල් දරුවන් සදහා උදෑසන ආහාරවේල ලබාදීමේ වැඩසටහන - 20172017 වර්ෂයේ මාර්තු මස සිට පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පෙර පාසල් දරුවනට උදෑසන ආහාරවේලක් ලබාදීමේ වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ මෙතෙක් පෙර පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කල නැවුම් කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහන වෙනුවට ය. මහා භාණ්ඩාගාරය විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය වෙත මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත.ඒ අනුව,ඒ ඒ දිස්ත්‍රික්ක වෙත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාල චක්‍රලේඛ,උපදෙස් හා ප්‍රතිපාදන අමාත්‍යාංශය විසින් ලබා දී ඇත. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් පෝෂණ මට්ටම අවම පෙර පාසල් දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මේ වන විට දිවයිනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 193 ක පෙර පාසල් 2015 ක පෙර පාසල් දරුවන් 46289 ක් ප්‍රතිලාභ හිමි කර ගනී.මෙම වැඩසටහන ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවේ. එක් පෙර පාසල්දරුවෙකුට දිනකට ග්‍රෑම් 170 බැගින් පිසූ ආහාරය සපයනු ලැබේ.ඒ අනුව,සතියේ දින පහ තුල සපයනු ලබන ආහාර සැලැස්ම පහත පරිදි වේ.
දැයේ මුල් ළමාවිය දරුවන්ගේ පෝෂණ තත්වය ඉහල නැංවීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණ වන අතර ඊට අමතරව දරුවන් පෙර පාසලට පැමිණීමට උනන්දුවක් ඇතිකිරීම,පෙර පාසැල් වියේ සිටම යහ පුරුදු හුරුකිරීම හා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමේ අගය වටහා දීම, දෙමාපියන් විසින් දරුවන් පෙර පාසල් අධ්‍යාපනයට යොමු කිරීම ඉහල දැමීම, දිළිදු පවුල් වලට සුළු වශයෙන් හෝ ආර්ථික වාසියක් සැලසීම, සැමට සමාන ආහාරවේලක් ලැබීම නිසා ආහාරය සංසන්දනය කිරීමට දරුවන් නොවෙහෙසීම, මුල් ළමාවිය දරුවන්ගේ පුර්ණ සංවර්ධනය හරහා රටේ මානව සම්පත් සංවර්ධනයෙහි රාජ්‍ය අංශයේ දායකත්වය පිළිබදව ජනතාවට අවබෝධයක් ලබාදීම සෙසු අරමුණු අතර වේ.
|