Sitemap
     

ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 3-5 අතර ළමුන් සදහා මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන්

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 3-5 අතර ළමුන්ගේ සංවර්ධනය තක්සේරු කිරීම සඳහා “මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් ” සකස් කර 2015 වර්ෂයේ දී එළි දක්වන ලදී. ජාත්‍යයන්තර සම්මේලනයක දී ලද අත්දැකීම් පාදක කර ගනිමින්, ඒ සදහා සම්බන්ධ වූ විෂය ප්‍රවීණයන්ගේ (රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභාවන් හි) දායකත්වය මත, වසර දෙකක පමණ කාලයක් තුළ පෙර පාසල් දරුවන්, දෙමාපියන්, පෙර පාසල් ගුරුවරියන් ඇතුළු නියදියක් ආශ්‍රයෙන් සිදු කරන ලද ක්ෂේත්‍ර පර්යේෂණයකින් අනතුරුව ලබා ගන්නා ලද දත්ත ඇසුරින් සකස් කරන ලද මෙම මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් “මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්” ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරි කටයුතු සිදුවෙමින් පවතී.

ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීම

  • සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අනුයුක්ත කර සිටින සියලුම මුල් ළමාවිය නිලධාරීන් හා පළාත් මට්ටමින් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන විෂය ක්ෂේත්‍රයට අනුයුක්තව කටයුතු කරනු ලබන සියලුම ක්ෂේත්‍ර නිලධාරීන් මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන හා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනට සම්බන්ධ කර ගන්නා ලදි.
  • මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් පිළිබඳ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීම හා පුහුණු කිරීමෙන් අනතුරුව “ළමා තක්සේරු වාර්තා” මඟින් පෙර පාසල් ළමයින්ගේ සංවර්ධනය මැන බැලීමටත් ඉදිරි වසර වලදී කටයුතු කරනු ලැබේ.

ප්‍රතිපත්ති සහ ප්‍රමිතීන්