Sitemap
     

Distributing incentive for Pre School

"ළමා දිරිය" පෙර පාසල් ගුරු දීමනාව ලබාදීම

  1. මෙම වැඩසටහන 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
  2. මසකට රු. 250/- බැගින් මාස 4ට වරක් ප්‍රතිලාභය හිමිවේ.

පහත සුදුසුකම් සපුරන පෙර පාසල් ගුරුවරියන් සඳහා මෙම ප්‍රතිලාභය හිමිවේ.

  1. අ.පො.ස. සා/පෙළ විභාගයෙන් මව්බස සහ ගණිතය සමත් වී ඕනෑම විෂයන් තුනකට සම්මාන සාමාර් ථසහිතව විභාගය සමත් වී තිබීම සහ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සම්බන්ධ ඩිප්ලෝමාවක් ලබා තිබීම.
  2. රාජ්‍ය, අර්ධ රාජ්‍ය හෝ පළාත් පාලන ආයතනයකින් පෙර පාසල් ගුරුවරියන් සඳහා ලබාදෙන දීමනාවක් නොලබන අයෙකු විය යුතුය.
  3. පෙර පාසල අදාල පළාත් සභා පෙර පාසල් ඒකකයේ / පළාත් දෙපාර්තමේන්තුවේ / අධිකාරියේ ලියාපදිංචි කර 2017-01-01 දිනට අවම වශයෙන් වසරක කාලයක් සපුරා තිබිය යුතු අතර පෙර පාසල මඟින් දරුවෙකුගෙන් අයකරගන්නා මාසික ගාස්තුව රු. 1500/- වැඩි නොවිය යුතුය.
  4. අදාල ගුරුවරියගේ වයස අවුරුදු 18-60 අතර විය යුතුය.
  5. 2017-01-01 දිනට පෙර පාසල් ගුරුවරියගේ අඛණ්ඩ සේවා කාලය අවම වශයෙන් වසර තුනක් විය යුතුය
  6. පෙර පාසල් ගුරුවරිය පුර්ණකාලීනව එම වෘත්තියේ යෙදෙන අයෙක් විය යුතුය.

මෙම ප්‍රතිලාභය ලබාගැනීම සඳහා අනුගමනය කලයුතු ක්‍රමවේදය ;

  1.  ඔබ පෙර පාසල අයත් වන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන   මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් මඟින් අයදුම්පත් ලබාගත යුතුය.
  2. සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍ර නැවත මුල්ළමාවිය සංවර්ධන නිලධාරී වෙතට භාරදිය යුතුය.
  3. මාස 4 කට වරක් ඔබගේ බැංකු ගිණුමට මුදල් බැරවී ඇති බව තහවුරු කරගන්න.

ප්‍රතිලාභය අහිමිවිය හැකි අවස්ථා;

  1. ගුරුවරිය එම වෘත්ති ඉවත්වීම මත
  2. වයස අවුරුදු 60 ඉක්මවා යාම.

පැමිණිලි ;

  1. ඔබ පෙර පාසල අයත් වන  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හමුවන්න.
  2. වැඩි විස්තර සඳහා 011- 2187189 දුරකතන අංකය අමතා සහකාර අධ්‍යක්ෂ පී.බී.ඩබ්. සමීර ප්‍රසාද් මහතා අමතන්න.

 

Download the application pdf from here (Sinhala)

Download the application pdf from here (Tamil)

Distributing incentive for Pre School