Pregnant mothers’ nutrition program
ගැබිණි මව්වරුන් සඳහා රු.20,000/- ක පෝෂණීය දීමනාවක් ලබා දීමේ වැඩසටහන
- 2015 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.
- රජයේ සායනයක ලියාපදිංචි සෑම ගර්භනී මවක්ම මෙම ප්‍රතිලාභය සඳහා සුදුසුකම් ලබයි.
- මසකට රු.200 බැගින් මාස 10 ක් සඳහා පෝෂණීය ආහාර ලබා ගැනීම සඳහා මෙම ප්‍රතිලාභය හිමි වේ.
- ලබා ගත යුතු පෝෂණීය ආහාර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරන ලද අතර වවුචර්පතේ එය සටහන් කර ඇත.
මෙම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය:
- තමා ගර්භනී මවක් ලෙස තහවුරු කර ගත් පසු මාතෘ සායනයේ ලියාපදිංචි විය යුතු අතර එහිදී මෙම ප්‍රතිලාභය සඳහා අයදුම්පත්‍රය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ලබා දේ.
- එම අයදුම්පත්‍රය සම්පූර්ණ කර (ගර්භනී මව, ස්ථිර පදිංචි වසමේ ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, සායන භාර වෛද්‍යවරයා) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරිනියට භාර දිය යුතුය.
- ගර්භනීභාවයට මාස 03 ක් ඉකුත් වීමට පෙර අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු වේ.
- අයදුම්පත්‍රය භාර දිය යුත්තේ තමා සහභාගී වන සායනය පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටය.
- වවුචර් පත් 10 කින් සමන්විත වවුචර් පොතක් ප්‍රතිලාභී මවට හිමිවනු ඇත.
වවුචර් පොත ලැබීමෙන් අනතුරුව:
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ලියාපදිංචි වෙළඳ සැල්වලින් පමණක් ආහාර ද්‍රව්‍ය ලබා ගත හැකිය. (වෙළඳ සැල් පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත හැකිය)
- වවුචර්පතේ සටහන් මාසයේ ආහාර ද්‍රව්‍ය එම මාසය තුලදීම හෝ ප්‍රාදේශීය ලේකම් නිර්ණය කර ඇති දින වකවානු තුලදී රු.2000/- ක සීමාව තුල ලබා ගැනීමට කාරුණික වන්න.
- වවුචර්පතේ සඳහන් ආහාර කාණ්ඩ කිහිපයම නියෝජනය වන පරිදි ආහාර තෝරා ගන්න.
- ගර්භනී මව වෙනුවට නම් කරන ලද නියෝජිතයාට වුවද මෙම ප්‍රතිලාභය ලබා ගැනීමට හැකියාව ඇත.
- ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේදී ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ සැලකිලිමත් වන්න.
- වවුචර්පත් නැතිවූවිටක නැවත වවුචර්පත් නිකුත් කිරීමක් නොකරන බැවින් එය ආරක්ෂා කර ගැනීම ඔබ සතු යුතුකමකි.
පැමිණිලි :
- ගුණාත්මක තත්වයෙන් නොමැති ආහාර ද්‍රව්‍ය නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ්‍ය දැනුවත් කිරීමට කාරුණික වන්න.
- ක්‍රම වේදය පිළිබඳ පැහැදිලි කර ගැනීම සඳහා 011 – 2187189 දුරකතන අංකය අමතා සහකාර අධ්‍යක්ෂ පී.බී.ඩබ්.සමීර ප්‍රසාද් මහතා අමතන්න.
Download the application pdf from here