Sitemap
     

Projects and Programs

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් ළමා ලේකම් කාර්යාලය මගින් ඉටුකරනු ලබන සුවිශේෂී  කාර්යයන්

  • මුල් ළමාවිය රැකවරණය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම  සහ ක්‍රියාත්මක කිරීම.
  • පෙර පාසල් සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දීම.
  • මුල් ළමා විය සංවර්ධන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම.
  • ගැබිනි මව්වරුන් උදෙසා රුපියල් 20,000/-ක පෝෂණ දීමනාවක් ලබා දීමේ වැඩසටහන.
  • පෙර පාසල් ගුරුවරියන් සඳහා රු. 250/- ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන
  • මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය  පිළිබඳ  ජාතික සතිය ක්‍රියාත්මක කිරීම.  ( සෑම වසරකම ජූලි මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා)
  • ‘‘ අරුණ දකින රටා” මුල් ළමා විය දරුවන්ගේ  සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප් නැංවීම සඳහා ප්‍රාදේශීය  මට්ටමෙන් තෝරාගත් චිත්‍ර සඳහා ජාතික මට්ටමේ චිත්‍ර ප්‍රදර්ශනය සහ ත්‍යාග හා   සහතික පත්‍ර ප්‍රදානෝත්සවය
  • “විශ්ව ළමාදින” ජාතික වැඩසටහන සහ ප්‍රාදේශීය මට්ටමේ වැඩසටහන් පැවැත්වීම.
  • ‘වැලි කෙළියෙන් පිටු අතරට” ළමා මිතුරු ප්‍රාථමික අධ්‍යාපනයක් සඳහා පෙර පාසල් දරුවන් හුරු කරවීමේ වැඩ සටහන් පැවැත්වීම.
  •  මුල් ළමාවිය ජාතික කමිටුව පැවැත්වීම.
  • දිස්ත්‍රික් ළමා හා කාන්තා සංවර්ධන කමිටු පැවැත්වීම.
  • ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමේ මුල් ළමාවිය සම්බන්ධීකරණ කමිටු පැවැත්වීම.
  • සෙනෙහෙ තටාක ˜ නිවස පදනම් කරගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් සහ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • මුල් ළමා විය සංවර්ධන ආදර්ශ ගම්මාන වැඩසටහන.
  • මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙර පාසල් සංවර්ධනය
  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙර පාසල් සඳහා සෙල්ලම් මිදුල නිර්මාණය කිරීම.
  • මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ දෙමාපියන් / රාජ්‍ය නිලධාරීන් / තරුණ කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම.
  • පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටම තුළ පැවැත්වීම.
  • මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා ලියාපදිංචි කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබඳ ජාලය ශක්තිමත් කිරීම.
  • මුල් ළමවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ සම්පත් දායක සංචිතයක් සකස් කිරීම.

මුල් ළමාවිය දරුවන්ගේ දෙමව්පියන් දැනුවත්කිරීමේ වැඩසටහන්

දරුවකු මෙලොව එළිය දුටු දා සිට ඔහුගේ /ඇයගේ ප්‍රථම ගුරුවරුන් වන්නේ දෙමව්පියන්ය. දරුවන් මනාව ඇතිදැඩි කිරීම සම්බන්ධව මනා පුහුණුවක් දෙමව්පියන් වෙත අවශ්‍ය වේ. පැවති විස්තෘත සමාජ ක්‍රමය තුළ ඥාතීත්වය හා විස්තෘත පවුල් ක්‍රමය පාදක කර ගනිමින් නව ජනිතයාට පරම්පරාව හා සංස්කෘතිය උරුම කර දීමේ ක්‍රියාවලියක් පැවතිබව ඉතිහාසය පිරික්සන්නෙකුට පැහැදිලි වේ. වර්තමාන සමාජක්‍රමය න්‍යෂ්ටික පවුල කේන්ද්‍රකර ගනිමින් ගොඩනැගී ඇති අතර පෙර පැවති ඥාති සබඳතාවයන් දුරස්ත වීමෙන් ඇතිවන්නා වූ රික්තකය පිරවීම සඳහා සමාජ විකල්ප ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ.

එහෙයින් දරුවකුගේ පූර්ණ සංවර්ධනය සහතික කිරිම සඳහා දෙමව්පියන් විසින් ශික්ෂාවට නැගිය යුතු ඉතා වටිනා හා වැදගත් කරුණු කාරණා රාශියක් වේ. යහපත් මාපිය භාවයක් උරුම කර ගැනීම සඳහා හා මුල් ළමාවිය දරුවාගේ පූර්ණ සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවස තුළ පරිසරය ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳ දෙමව්පියන් මනා වැටහීමක් ලබා තිබිය යුතුය. ඒ පිළිබඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිවයින පුරා දැනුවත් කිරීම් වැඩසටහන් පහත පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ.

  • දරුවන් හදාවඩා ගැනීමේ යහපත් ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
  • “සෙනෙහෙ තටාක”නිවස පදනම්කර ගත් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන වැඩසටහන

Projects and Programs