හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීමේ වැඩසටහන
post date : 2016-08-11 00:45:21
type : News and Events
හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීමේ වැඩසටහන - 2016.08.10
මෙම වසරේ මැයි මාසයේදී ඇතිවූ හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතු කොට ගෙන කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෙර පාසල් වලට සිදු වු හානිය පිළිබඳව මෙම අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු වූ අතර ඒ සඳහා කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිනිය විසින් මෙම ප්‍රදේශයේ පෙර පාසල් වලට සිදු වූ හානිය පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා 2016.05.30 දින කරන ලද ක්ෂේත්‍ර චාරිකාවට අනුව මෙම ප්‍රදේශයේ පෙර පාසල් සඳහා උපකරණ ආධාර ලබා දීමට අමාත්‍යාංශය විසින් තීරණය කරන ලදි.ඒ සඳහා යුනිසෙෆ් ආයතනයේත් ආධාර ලැබී ඇත. මෙම වැඩසටහන සංකේතවත් වන පරිදි පෙර පාසල් 21ක් වෙත උපකරණ ආධාර ලබාදීම පිණිස ගරු.අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිනියගේ ප්‍රධානත්වයෙන් කෙටි උත්සවයක් මංගලපාය ,සාලමුල්ල කොළොන්නාව උත්සව ශාලාවේදී පැවැත්වුනි.
![]() |